Update: නැගෙනහිර හිටපු මහ ඇමති පිල්ලෙයාන් අත්අඩංගුවට

Sunday, 11 October 2015 - 13:28

Update%3A+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශෆ් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ.

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ, නීතිඥවරයෙකු ද සමඟයි.



Update: Sunday, 11 October 2015 - 18:30
--------------------------------------------
පිල්ලෙයාන්ට රහස් පොලීසියට

නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශයක් ලබාදීම සඳහා දැනට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි.

Update: Sunday, 11 October 2015 - 17:33
--------------------------------------------
පිල්ලෙයාන්ට රහස් පොලීසියෙන් කැඳවීමක්

නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ අනුව  ඔහු අද (11) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට සූදානම් බවයි  ටී.එම්.වී.පී. පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories