වරාය නගර නව පාරිසරික ඇගයීම් වාර්තාව ලබන සතියේ

Sunday, 11 October 2015 - 14:38

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%87%E0%B6%9C%E0%B6%BA%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සකස් කෙරෙන පාරිසරික බලපෑම් ඇගයීම් නව වාර්තාව ඉදිරි සතියේදී, ඒ පිළිබඳ සළකා බැලෙන අමාත්‍ය ලේකම් කමිටුවට යොමු කෙරෙන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති පවසනවා. නව වාර්තාව සකස් කර ඇත්තේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව කලින් සිදු කෙරුණු පාරිසරික ඇගයීම් වාර්තාවලදී ආවරණය නොකළ ක්‍ෂේත්‍රයන් පිළිබඳව ද අවධානය යොමු කරමින් බවයි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ. මෙම වාර්තාව ලැබුණු පසු තාක්ෂණික අනු කමිටුව වෙත යොමු කොට මහජන අදහස් ලබාගැනීමද සිදු කෙරෙනු ඇති.  

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙන් සිදුවන පාරිසරික බලපෑම් පිළිබඳ පරිපූර්ණ ඇගයීමක් සිදු නොකළ බවට චෝදනා  එල්ලවීමෙන් අනතුරුවයි ඒ පිළිබඳ නව ඇගයීම් වාර්තාවක් සකස් කිරීමට පියවර ගැනුනේ. එසේම වරාය නගර සංවර්ධන ව්‍යාපෘති සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කෙරුණු මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ ගිවිසුමේ කාලසීමාව මාස 6 කින් දීර්ඝ කිරීමටද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා.

ව්‍යාපෘති සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටළු පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කෙරුණේ මේ පිළිබඳව පත්කර ඇති ආර්ථික කළමනාකරන පිළිබඳ අමාත්‍ය කමිටුවට කරුණු වාර්තා කිරීම සඳහායි.

 ශ්‍රී ලංකාවේ තම ව්‍යාපෘති සම්බන්ධව කටයුතු කිරීම සඳහා චින රජය විසින් පත් කළ විශේෂ නියෝජිත ලියු ෂෙන්මින් ශ්‍රී ලංකා සංචාරයක නිරතවන අවස්ථාවක මෙම වාර්තාව ඉදිරිපත් කිරීමද විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories