ඉදිරි වසර තුනේදී මෙරට වන ඝනත්වය සියයට 32 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. වනරෝපා රුක් රෝපණ ජාතික උත්සවය අද කොත්මලේ දී පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. ඊට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඒ සඳහා දේශපාලනඥයින් ඇතුලූ සියලූදෙනාගේම සහය අවශ්‍ය බවයි. මේ වනවිට මෙරට වන ඝනත්වය සියයට 29 ක ප්රතිශතයක පවතිනවා. ගෙවී ගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ වන සම්පත සීග්‍රයෙන් විනාශ වී ඇති බවත්, තරමක් හෝ වනාන්තරය ආරක්ෂා වී ඇත්තේ යුද්ධය පැවැති උතුරු නැගෙනහිර ප්‍රදේශවල බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.
මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද කොත්මලේ ජලාශයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා.
මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද කොත්මලේ ජලාශයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා.
Follow US
Most Viewed Stories