අත කැපූ ඉන්දීය කත නිවසේ තුන්වන මහළින් පැන්න බව සෞදි හාම්පුතා කියයි

Sunday, 11 October 2015 - 17:15

%E0%B6%85%E0%B6%AD+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%96+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සෞදි අරාබියේ සේවයට ගිය ඉන්දීය ගෘහ සේවිකාවකගේ දකුණු අත හාම්පුතා විසින් කපා දැමූ බව කියන පුවත සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉන්දීය රජය සෞදි විදේශ අමාත්‍යාංශයට දැනුම්දී තිබෙනවා. එම සිද්ධිය දැඩි ලෙස හෙළා දකින බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.  කෙසේ නමුත් ඇගේ සෞදි හාම්පුතා ඇරැබ් නිව්ස් ප්‍රවෘත්ති සේවාවට ප්‍රකාශ කර ඇත්තේ කස්තුරි මනිරතිනම් නැමති මෙම ඉන්දීය ජාතික කාන්තාව තම නිවසේ තුන්වන මහලෙන් පැනීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. මේ නිසා රෝහලේදී ඇගේ අතක් ඉවත් කිරීමට සිදුව ඇති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් ඉන්දීය කාන්තාවගේ පවුලේ සාමාජිකයන් කියා සිටින්නේ සිද්ධිය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories