ඇවන්ට්ගාඩ් නඩුව ගැන නීතිපතිවරයාට චෝදනා කිරීම වැරදියි

Sunday, 11 October 2015 - 19:12

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92
ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාට එල්ල වන චෝදනා පදනම් විරහිත බව අතිරේක සොලිස්ටර් ජනරාල් සෝභිත රාජකරුණා මහනුවරදී අද ප්‍රකාශ කළා. ඒ නිීතිපති යුවන්ජන් විජේතිලක සමඟ ශ්‍රී දළඳා මාලිගාව වැඳපුදාගෙන අස්ගිරි මල්වතු මහානාහිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.

නීතිපතිවරයා වෙනුවෙන් අදහස් දක්වමින් අතිරේක සෝලිස්ටර් ජනරාල් සෝභිත රාජකරුණා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව ගිනිඅවි අඥා පනත යටතේ අපරාධ නඩුවක් ගොනුකිරීමට හැකියාවක් නොමැති බවයි. එම සමාගමට ගිනි අවි තබා ගැනීමට එවකට සිටි ආරක්ෂක අමාත්‍යවරයාගේ අවසරය ලැබී තිබීම නිවැරදිද යන්න පිළිබඳව අවශ්‍ය නම් වෙනත් ක්‍රියාමාර්ගයක් ගත හැකි බව ඔහු එහිදී පැහැදිලි කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා තනි තීරණයක් නොගත් බව ප්‍රකාශ කළ ඔහු නීතිපති දෙපාර්තමේන්තුවට අනවශ්‍ය චෝදනා එල්ල වන බව ද කියා සිටියා.

මේ අතර, නීතිපතිවරයාගේ අවධානය යොමු කෙරෙන නඩු පිළිබඳ තීරණ ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය අද නීතිපති යුවන්ජන් විජේතිලකගෙන් විමසා තිබෙනවා. කෙසේ වෙතත්, අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කියා සිටියේ විවිධ අවස්ථාවන්හිදී අධිකරණ කටයුතු නීතිපතිවරයාගේ අවධානයට යොමුකළ බව ප්‍රකාශ වුවත් තවමත් නීතිපතිවරයා වෙත නඩු ගොනු කිහිපයක් පමණක් ලැබී ඇති බවයි. විවිධ ක්ෂේත්‍රයන්වල පවතින ප්‍රමාදයන් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වන බව ද ඔහු මෙහිදී සිහිපත් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories