නිධන් හෑරීමේ සිද්ධියේ DIG යටතේ සිටි සැරයන්වරයෙකු අතුරුදන්

Monday, 12 October 2015 - 8:28

%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%91%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+DIG+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
වව්නියාව දිසා වැටලීම් ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු අගෝස්තු මස 7 වන දා සිට අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇති පොලිස් සැරයන්වරයා වව්නියාව - කුඩාකච්චිය ප්‍රදේශයේ නිධන් හාරන ලද පිරිසක් අත්අඩංගුවට ගෙන නිදහස් කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබූ එම ප්‍රදේශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ සේවය කළ අයෙක්. අතුරුදන් වී ඇති පොලිස් සැරයන්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ද ලබාදී තිබෙනවා. පොලිස් සැරයන්වරයාගේ බිරිඳ සිය නිවසේ ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කළේ එම ප්‍රකාශය ලබාදීමෙන් පසු ඔහු සිත් තැවුලෙන් සිටි බවයි.

තම සැමියා අදාළ නිධන් හැරීමේ සිද්ධියට විරුද්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ප්‍රකාශයක් දී ඇති අතර, ඒ හේතුවෙන් ඔහුට යම් කරදරයක් වූයේ දැයි තමාට සැකයක් පවතින බවයි ඇය මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අතුරුදන්ව ඇති බවට සැක කෙරෙන මෙම පොලිස් සැරයන්වරයා සොයා පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

වව්නියාව - කුඩාකච්චිය වැව ඉස්මත්තේ නිධන් හැරීමේ සිද්ධියකට අනුබල දුන් බව කියන වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යූ.කේ. දිසානායක ද පසුගිය සැප්තැම්බර් මස 19 වන දා නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට භාර වුණා. අනතුරුව ඔහු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories