Update: ආහාර වර්ජනයේ නිරත රැඳවියන්ගෙන් ජනපතිට ලිපියක්

Monday, 12 October 2015 - 11:07

Update%3A+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බන්ධනාගාරගත කර සිටින තමන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් දෙමළ රැඳවියන් පිරිසක්, අද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. දේශපාලන හේතුන් මත තමන් සිරගතව සිටින බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ. එම හේතුව මත බන්ධනාගාර 3ක රැඳවියන් අද උදෑසන සිට උපවාසයක් ආරම්භ කළ අතර, උදෑසන සහ දිවා ආහාර වේල් ඔවුන් වර්ජනය කළ බව බන්ධනාගාර කොමසාරිස් රෝහණ පුෂ්පකුමාර සඳහන් කළා. ඊට සම්බන්ධ වූ සියලූදෙනා එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම්වලට සම්බන්ධව සිට වරදකරුවන් වූ හෝ සැකකරුවන් වූ දෙමළ ජාතික පුද්ගලයන්. කොළඹ - මැගසින් බන්ධනාගාරය, අනුරාධපුරය හා මඩකලපුව බන්ධනාගාර වල රැඳවියන් 148 ක් උපවාසයට සම්බන්ධ වී සිටියා. අප කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේ ඔවුන්ගේ ඉල්ලීම, නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට බලාපොරොත්තු වන බවයි.

උතුරු පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත අද ලිපියක් යොමු කළා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාරගතව සිටින මෙම දෙමළ සිරකරුවන් කඩිනමින් මුදා හැරීමට කටයුතු කළ යුතු බවයි.

කෙසේ වෙතත්, නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ දේශපාලන සිරකරුවන් නොමැති බවයි.



Update: Monday, 12 October 2015 - 11:07
------------------------------------------------

මැගසින් බන්ධනාගාරයේ දෙමළ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක

දෙමළ රැඳවියන් පිරිසක් කොළඹ - මැගසින් බන්ධනාගාරය ඇතුලූ බන්ධනාගාර කිහිපයක මේ වනවිට ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, දේශපාලන සිරකරුවන් ලෙස රඳවාගෙන සිටින තමන් නිදහස් කරන ලෙස ඉල්ලමින්. මැගසින් බන්ධනාගාරයට අමතරව අනුරාධපුර බන්ධනාගාර රැඳවියන්ද මෙලෙස වර්ජනයේ නිරතවන බව වාර්තාවනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේ වර්ජනයේ නිරත මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් තමන් දේශපාලන සිරකරුවන් ලෙස රඳවා තබා නොගෙන නිදහස් කරන ලෙසට තමන් වෙත අද පෙරවරුවේ ලිපියක්ද යොමුකර ඇති බවයි. මීට පෙර පැවති රජයෙන් තමන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කළත් ඊට පිළිතුරක් නොලැබුණු බවත් වත්මන් ආණ්ඩුවෙන් හෝ මෙම ගැටළුවට පැහැදිළි පිළිතුරක් අපේක්ෂා කරන බවත් එම ලිපියේ තවදුරටත් සඳහන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළා.   

මේ අතර දෙමළ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක නිරතවෙමින් ආරම්භ කර ඇති උපවාසය සම්බන්ධයෙන් උතුර පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර තිබෙනවා. ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිපියක් යවමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ නඩු විභාගයකින් තොරව දෙමළ රැඳවියන් පිරිසක් දීර්ඝ කාලයක සිට රඳවාගෙන සිටින බවයි. කිසියම් කාල පරිච්ෙඡ්දයක් තුළ මොවුන්ට එරෙහිව පවතින චෝදනා විභාග කර අවසන් කරන ලෙසද උතුර පළාත් මහ ඇමතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.

දීර්ඝ කාලයක සිට රඳවාගෙන සිටින දෙමළ රැඳවියන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව යෝජනා කිහිපයක්ද උතුර පළාත් මහ ඇමතිවරයා ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකර තිබෙනවා. දැනට රඳවාගෙන සිටින දෙමළ රැඳවියන් සම්බන්ධයෙන් ලේඛනයක් සකස් කිරීම  ඉන් පළමු යෝ්ජනාවයි. එය සතියක් ඇතුළත අවසන් කළ හැකි බවයි මහ ඇමතිවරයාගේ අදහස වී ඇත්තේ. සුළු වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ලවන රැඳවියන්ට පොදු සමා කාලයක් ලබාදීම හෝ  ඔවුන් ඇප මත මුදාහැරීම දෙවන යෝජනාවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන දැනට නඩු පවරා නොමැති  රැඳවියන් කිසියම් ඇපයක් මත නිදහස් කරන ලෙසද මහ ඇමතිවරයා ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙනවා. දැනට නඩු පවරා නොමැති දෙමළ රැඳවියන්ට  නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලීසියට මග පෙන්වීම් කරන ලෙසද විග්නේෂ්වරන් මහ ඇමතිවරයා පෙන්වා දෙනවා.

දෙමළ රැඳවියන් සම්බන්ධයෙන් පවතින නඩු දිනපතා විභාග කර අවසන් කරන ලෙසට අධිකරණ සේවා කොමිෂන් සභාව හරහා විනිසුරුවරුන් දැනුවත් කරන ලෙස උතුර පළාත් මහ ඇමතිවරයා කර ඇති තවත් යෝජනාවක්. නඩු පැවරීමට ප්‍රමාදවන දෙමළ රැඳවියන්ට ඇප ලබාදෙන ලෙසයි මොහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories