පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අනතුරකින් මරුට

Monday, 12 October 2015 - 12:21

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයේදී සිදුවී ඇති රිය අනතුරකින් පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වන තුෂාර චන්ද්‍රකාන්ත මහතා මිය ගොස් ඇත.

11 වැනිදා රාත්‍රී 7.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

මිය ගොස් ඇති තුෂාර චන්ද්‍රකාන්ත මහතා ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිට ඇත. ඉදිරියෙන් පැමිණ ඇති ආපදාවකට ලක්වූ ලොරියක් ත්‍රී රෝද රථයේ ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි. ලොරියේ ගැටී ඇති ත්‍රී රෝද රථය මීටර් 15 ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇත. අනතුරින් චන්ද්‍රකාන්ත මහතා එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

අනතුරට සම්බන්ධ ලොරිය පොලිස් බාරයට ගෙන ඇති අතර රියදුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පුත්තලම පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories