සේයා ඝාතනයට අල්ලපු කට්ටියක් නැවතත් පොලීසියට

Monday, 12 October 2015 - 13:12

%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් භාරයට ගෙන පසුව මුදාහැරි කොටදෙණියාව ප්‍රදේශවාසීන් පිරිසක් අද දිවුලපිටිය පොලිසිය වෙත කැඳවා තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කෙරුණු 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක්දරු පියා පොලිසියට කළ පැමිණිල්ල පිළිබඳව සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා මොවුන් දිවුලපිටිය පොලිසිය වෙත කැඳවා ඇති බවයි.

එසේ පැමිණ සිටින කොටදෙණියාව ප්‍රදේශවාසීන් දස දෙනෙකුගෙන් පමණ මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින බව එහි සිටින හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

කොටදෙණියාව පොලිස් භාරයේ සිටියදී තමන්ට පහරදුන් බවට 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක්දරු පියා පැමිණිලි කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් සිදුකෙරෙන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දරගේ අධීක්ෂණය යටතේයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories