Update: පිරිසිදු ජලය ඉල්ලු ජනතාවට පොලීසියෙන් බැටන් ප්‍රහාරයක්

Monday, 12 October 2015 - 13:24

Update%3A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පිරිසිදු පානීය ජලය ඉල්ලා කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නිරත වූ හම්බන්තොට - බඳගිරිය ප්‍රදේශවාසීන් පිරිසක් පොලිසිය අද දහවල් බැටන් ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබුවා. එහිදී ඇති වූ ගැටුමෙන් පොලිස් නිලධාරීන් 03 දෙනෙකු සහ සිවිල් වැසියන් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 12 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.

හම්බන්තොට - බඳගිරිය ප්‍රදේශවාසීන් කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය පල්ලෙමලල මංසන්ධියෙන් අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කළේ අද පෙරවරුවේයි. මේ හේතුවෙන් හම්බන්තොට - බඳගිරිය මාර්ගය සහ කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද දැඩි බාධා මතු වුණා.

කෙසේ වෙතත් මාර්ගයේ හරස් කරමින් සිටි ප්‍රදේශවාසීන් ඉවත් කිරීමට පොලිසිය අවස්ථා කිහිපයකදී පියවර ගත්තද එය ව්‍යර්ථ වුණා. ඒ සඳහා ලූණුගම්වෙහෙර, කතරගම, අම්බලන්තොට පොලිස් ස්ථාන 7ක නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිටි අතර, ඊට තංගල්ල පොලීසියේ කැරළි මර්දන ඒකකය ද ඇතුළත් වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ මාර්ගයේ අවහිරව තිබූ බස් රථ කිහිපයක් ඉදිරියට යැවීමට උත්සාහ කිරීමේදී ශ්‍රී ලංගම බස් රථයකට විරෝධතාකරුවන් ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළ බවයි. එම අවස්ථාවේදී පොලීසිය අවම බලය යොදා විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. එහිදී එල්ල වූ ගල් - මුල් ප්‍රහාරවලින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තුන්දෙනා අතරට හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ද ඇතුළත්.


 
Update: Monday, 12 October 2015 - 13:24
----------------------------------------------

පිරිසිදු ජලය ඉල්ලා බඳගිරියේ ජනතාව පාරට

පිරිසිදු පානීය ජලය ඉල්ලා හම්බන්තොට - බඳගිරිය ප්‍රදේශයේ පිරිසක් මේ වනවිට තිස්ස - හම්බන්තොට ප්‍රධාන මාර්ගය පල්ලෙමලල මංසන්ධියෙන් හරස් කරමින් විරෝධතාවක නිරතවනවා. මේ හේතුවෙන් තිස්ස - හම්බන්තොට ප්‍රධාන මාර්ගය පල්ලෙමලල මංසන්ධියෙන් ගමනාගමනය සඳහා අවහිර වී ඇති බවයි එම ස්ථානයේ සිටින හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. බඳගිරිය ජනතාව සිය පානීය ජල අවශ්‍යතා සපුරාගනු ලබන්නේ බඳගිරිය වැවෙන්. විරෝධතාවයේ නිරත පිරිස් සඳහන් කළේ මෙම වැවෙහි ජලය මේ වනවිට අපවිත්‍රවී ඇති බවයි.











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories