එක අතක බිරිඳගේ ඔළුව, අනෙත් අතේ පොරවක්

Monday, 12 October 2015 - 15:03

%E0%B6%91%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B6%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%9C%E0%B7%9A+%E0%B6%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%2C+%E0%B6%85%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
තම බිරිඳගේ කඳින් වෙන්වූ හිසක් එක් අතක සහ අනෙක් අතෙහි පොරවක්ද රැගෙන, ඉන්දියාවේ පූනේ නගරයේ සැරිසරමින් සිටි පුද්ගලයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පූනේ නගරයේ මුරකරුවකු ලෙස සේවය කළ රාමු චවාන් නම් 60 හැවිරිදි පුද්ගලයෙකුයි.

45 හැවිරිදි සෝනුබායි නම්වූ රාමු චවාන්ගේ බිරිඳ තම දියණියගේ සැමියා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බවට  රාමු චවාන් දිගින් දිගටම සැක කර ඇති අතර මේ නිසා ඔහු බිරිඳ සමග දිගින් දිගටම ගැටුම් ඇති කරගෙ තිබෙනවා.

පසුගිය සිකුරාදා උදෑසන සිදුවූ අඬ දබරයකින් අනතුරුව රාමු චවාන් පොරවකින් බිරිඳගේ ගෙල සිඳ ඇති අතර පසුව ඔහු  එක් අතකින් සිය බිරිඳගේ ලේ වැගිරෙන හිසත් අනෙක් අතින් ඝාතනය සඳහා යොදාගත් පොරවත් අතින් ගෙන මහමඟ ඇවිද යනු දුටු පූනේ වැසියෙක් මේ පිළිබඳව පොලිසියට කළ පැමිණිල්ලකින් පසු රාමු චවාන්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන රාමු චවාන්ගෙන් ප‍‍්‍රශ්න කිරීම සිදුවන බව පූනේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කර තිබේ. සැකකරු කිසිදු ආකාරයක මානසික ව්‍යාධියකින් පෙළෙන බවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර මනුෂ්‍ය ඝාතන චෝදනාවක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.













Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories