බෙදා හැරීමට තිබූ ලිපි තොගයක් නීතිවිරෝධී ආකාරයෙන් සඟවා තබා ගත් තැපැල්කරුවෙකු මුන්දලම පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තා. ඔහු ලිපි 333ක්, පුත්තලම - මදුරන්කුලිය - සරණංකරාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාවේ අල්මාරියක් තුළ සඟවා තබා ඇති බවයි වාර්තා වන්නේ. ඒ අතරට ලියාපදිංචි කළ ලිපි 12ක් ද ඇතුළත්. ඔහු පුත්තලම - මදුරන්කුලිය තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරන 51 හැවිරිදි අයෙකු බව සදහන්.
මුන්දලම තැපැල් කාර්යාලය හරහා අවට ගම්මාන 9කට ලිපි බෙදා හැරීමේ කටයුතු සිදුකරනු ලබනවා. පොලීසිය සඳහන් කළේ අදාළ ලිපි තොගය සඟවා තබා තිබූ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් පොලිස් හදිසි ඇමතුම් අංකයට කළ දැනුම් දීමකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි. මොහු අද පුත්තලම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Follow US
Most Viewed Stories