ඉන්දීය ධීවරයින් 24 ක් අත්අඩංගුවට

Tuesday, 13 October 2015 - 13:19

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+24+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු බෝට්ටු 4 ක් සමඟ නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා සඳහන් කළේ ඊයේ රාත්‍රියේ තලෙයිමන්නාරම මුහුදු තීරයේදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත භාරදෙන බවද ඔහු සඳහන් කළා.

මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධිවරයින් 48 දෙනෙකු, බෝට්ටු 41ක් මේ වනවිට ශ්‍රී ලංකාව භාරයේ පවතිනවා.

ඉන්දු -  ශ්‍රී ලංකා ධිවර ගැටළුවට සම්බන්ධයෙන් පසුගිය කාලයේ දීර්ඝ ලෙස සාකච්ජා පැවැත්වුවත් ඒ සඳහා ස්ථිර විසදුමකට එලඹීමට කිසිදු පාර්ශවයකට හැකියාව ලැබුණේ නැහැ. පසුගිය සිකුරාදා ද ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් පැවැත්වුණා. කෙසේ වෙතත් මෙම ගැටළුවට ස්ථිර විසදුමක් ලබාදිම සඳහා සර්ව පාක්ෂික කමිටුවක් පත් කරන බවයි ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි කියා සිටියේ. මේ වනවිට විදෙස් සංචාරයකට එක්ව සිටින ධීවර හා ජලජ සම්පත් කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories