MH17 මගී ගුවන් යානය විනාශ වූයේ මිසයිල ප්‍රහාරයකින්

Tuesday, 13 October 2015 - 18:46

MH17+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%96%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
මැලේසියානු ගුවන් සමාගමට අයත් MH 17 යානය අනතුරට පත්වීමට හේතුව  මිසයිල ප්‍රහාරයක් බවට වාර්තාවෙයි. අදාළ මිසයිලය රුසියාවේ නිෂ්පාදනයක්  බවද සඳහන්.

මිසයිලය- යානයේ ඉදිරි වම්පස ගැටී ඇතැයි ඒ පිළිබඳ නෙදර්ලන්ත විමර්ශන වාර්තාව දක්වා තිබේ.

පසුගිය වසරේ  ජූලි 17 දා,  නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර්  බලා පියසර කරමින් තිබිය දී  MH 17 යානයේ - පාලක මැදිරි සම්බන්ධතාව ගිලිහී  ගියා. ඒ යුක්රේන - රුසියා දේශ සීමාවට කිලෝමීටර 50ක් පමණ ඉහළ දී. ගුවන් අනතුරෙන් 298 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූවා.
ඒ මගීන් 283 සහ කාර්යමණ්ඩලයේ 15 සමගින්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories