නුවරඑළිය, කෑගල්ලට සහ බදුල්ලට යළි නායයෑම් අවදානම්

Wednesday, 14 October 2015 - 7:59

%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
බදුල්ල, නුවරඑලිය සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා ඊයේ (13) පස්වරු හතරේ සිට ප්‍රකාශයට පත් කෙරුණු නායයාම් අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව බණ්ඩාරවෙල, ඇල්ල, හල්දුම්මුල්ල සහ වැලිමඩ යන බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට එම අවදානම බලපැවැත්වෙනු ඇති. නුවරඑලිය දිස්ත්‍රික්කයේ හැටන්, අඹගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අමතරව නානුඔය, කොටගල සහ තලවකැලේ ප්‍රදේශවලට නායයෑම් අවදානම බල පවත්වනවා. යටියන්තොට, බුලත්කොහුපිටිය, දැරණියගල සහ ගලිගමුව යන කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටද නායයෑම් අවදානම පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.

මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ මිලිමීටර් 100 පමණ වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories