Update : ඇවන්ට්ගාඩ් නැව ගාලූ වරායේ නැංගුරම් දමයි

Wednesday, 14 October 2015 - 8:14

Update+%3A+%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%96+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
පරීක්ෂණ සඳහා පොලිසියට භාරදුන් ඇවන්ට්ගාඩ් සමාගමට අයත් අවි නෞකාව ඊයේ (13) පස්වරුවේ ගාලූ වරායේ නැංගුරම් දැමූ බව වරාය පොලිසිය ප්‍රකාශ කළා.

ඔක්තෝම්බර් මස 06 වනදා ගාලූ වරායට ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබූ ශ්‍රී ලංකා ධජය ඔසවා තිබූ මෙම නෞකාව පිළිබඳව සැකසිතු නාවික හමුදාව එය පරීක්ෂා කළ අතර, පසුව පරස්පර තොරතුරු ලබාදුන් බව පවසමින් මෙම නෞකාව තමන් භාරයට ගත්තා. ඊට අදාළ පරීක්ෂණ අවසන් කළ නාවික හමුදාව එහි වාර්තාව ආරක්ෂක අමාත්‍යාංශය වෙත පසුගියදා භාර දුන්නා.

මේ අතර, ඇවන්ට්ගාඩ් සමාගමට අයත් අවි නෞකාව සම්බන්ධයෙන් ගාලූ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ විමර්ශන කටයුතුද ආරම්භ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම නැවේ විදේශිකයන් පස්දෙනෙකු ඇතුලූ තිස් තුන්දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිටින බවයි. එසේම ටී 56 ගිනි අවි 816 ක් සහ උණ්ඩ ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් නෞකාවේ තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි ඔහු කියා සිටියා.



මීට පෙර පලකළ පුවත පහතින් බලන්න :

ඇවන්ට්ගාඩ් නෞකාවේ අවි 816ක් සහ උණ්ඩ ලක්ෂ දෙකක්



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories