සතියක් තුළ ත්‍රස්ත සැකකරුවන් නිදහස් කරන්න - දෙමළ සන්ධානය රජයට කියයි

Wednesday, 14 October 2015 - 8:20

%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තමන් නිදහස් කරන ලෙස ඉල්ලමින් බන්ධනාගාර තුනක දෙමළ රැඳවියන් ආරම්භ කර ඇති උපවාසයට සතියක් ඇතුළත රජය පිළිතුරු ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් සඳහන් කළේ රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නේ නම් ඊට පෙර එම චෝදනාව යටතේ බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් නිදහස් කළ යුතු බවයි.

කොළඹ මැගසින්, අනුරාධපුරය සහ මඩකලපුව යන බන්ධනාගාරවල දෙමළ රැඳවියන් 148 දෙනෙකු පෙරේදා සිට ආහාර වර්ජනය කිරීම ආරම්භ කළේ තමන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලමින්. කෙසේ වෙතත්, මෙම වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේ මෙම ගැටලූවට ක්‍ෂණිකව විසඳුම් ලබාදිය නොහැකි බවයි. එම රැඳවියන් අතර පසුගිය යුද සමයේ සිදුවූ ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින්ද සිටින බවයි ඔහු කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories