වෙලේ සුදාට මරණ දඬුවම

Wednesday, 14 October 2015 - 10:24

%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8
හෙරොයින් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ ගම්පළ විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට කොළඹ මහාධිකරණය අද (14) මරණ දඩුවම නියම කළා. මෙම නියෝගය නිකුත් කළේ මහාධිකරණ විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන විසින්.

2008 වසරේ දෙසැම්බර් මස 04 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 7.05ක් ලඟ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වෙලේ සූදාට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබුණා. විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ විත්තිකරු හෙරොයින් ජාවාරම් කරමින් සිටි බවට වූ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති බවයි.

මෙම නඩුව මාස 03ක් ඇතුලත අඛන්ඩව විභාග කෙරුණා. විත්තිකරුට විරුද්ධව එල්ල වී ඇති චෝදනා ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්, රජයේ රස පරීක්ෂකවරයා ඇතුළු සාක්කිකරුවන් කැදවා තිබුණා.

සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා පසුගියදා පාකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර මොහුට මුදල් විශුද්ධිකරණ පනත යටතේ ද නීති විරෝධී වත්කම් රැස් කිරීම සම්බන්ධයෙන් චෝදනා පවතිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories