Update : වැල්ලම්පිටිය ගෝතමී පාරේදී හිසට වෙඩි තැබුවේ

Wednesday, 14 October 2015 - 11:16

Update+%3A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9D%E0%B6%AD%E0%B6%B8%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B7%80%E0%B7%9A
වැල්ලම්පිටිය - ගෝතමීපාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු හිසට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඊයේ (13) රාත්‍රී 10 ට පමණ වෙඩි වැදී වැටී සිටි මෙම පුද්ගලයා පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. රෝහල් ගත කිරීමෙන් පසු රාත්‍රී 10.30 ට පමණ ඔහු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. 47 හැවිරිදි කුන්දසාමි පෙරුමාල් නමැත්තෙකු බවට හඳුනාගෙන ඇති මොහු කාලිකුල්ලවත්තේ චන්ද්‍රා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පාතාල සාමාජිකයෙකු බවට පොලිසිය සැක කරනවා. මෙම පුද්ගලයා දෙමටගොඩ - කාලිකුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකු බවටයි තොරතුරු ලැබී ඇත්තේ.  

මියගිය පුද්ගලයාගේ දියණියක් වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටින බවට පොලිසියට කරුණු අනාවරණ වී ඇති අතර ඒ අනුව ඇයට වැල්ලම්පිටිය පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දී තිබෙනවා. කෙසේ වෙතත්, මේ වනතෙක් ඇය පොලිසියට නොපැමිණීම හේතුවෙන් පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු ඇය සොයා වත්තල ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.



Update : Wednesday, 14 October 2015 - 13:25
------------------------------------------
වැල්ලම්පිටියේදී පාතාලේ චන්ද්‍රාට වෙඩි

වැල්ලම්පිටිය - ගෝතමී පාරේදී හිසට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ වෙඩි වැදී බරපතල තුවාල ලබා සිටි ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මියගොස් ඇත්තේ. 47 හැවිරිදි ඔහු කුන්දසාමි පෙරුමාල් නමැත්තෙකු බවට හඳුනාගෙන ඇති අතර මොහු කාලිකුල්ලවත්තේ චන්ද්‍රා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පාතාල සාමාජිකයෙකු බවට පොලිසිය සැක කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories