පිල්ලෙයාන් නොවැම්බර් 4 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Wednesday, 14 October 2015 - 13:18

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+4+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
දෙමළ සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නොවැම්බර් 4 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද අවසර ලබාදුන්නා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් බව මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම්  2005 වසරේ දෙසැම්බර් 25 වනදා වෙඩි තබා ඝාතනය කෙරුණේ මඩකලපුව ශාන්ත මේරි දේවස්ථානය තුළදියි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories