පොලිස් කණ්ඩායමක් ඇවන්ගාඩ් නෞකාවට ඇතුළුවේ

Wednesday, 14 October 2015 - 13:23

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A
වැඩිදුර පරික්ෂණ සඳහා නාවික හමුදාවෙන් භාර දුන් ඇවන්ගාඞ් නෞකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස් කණ්ඩායමක් නැවට ඇතුළු වී තිබෙනවා. ගාල්ල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඇවන්ගාඩ් නෞකාව තුළ සිට සිදුකෙරෙන විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

ඔක්තෝම්බර් මස 06 වනදා ගාලූ වරායට ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබූ ශ්‍රී ලංකා ධජය ඔසවා තිබූ මෙම නෞකාව පිළිබඳව සැකසිතු නාවික හමුදාව එය පරීක්ෂා කළ අතර, පසුව පරස්පර තොරතුරු ලබාදුන් බව පවසමින් මෙම නෞකාව තමන් භාරයට ගත්තා. ඊට අදාළ පරීක්ෂණ අවසන් කළ නාවික හමුදාව එහි වාර්තාව ආරක්ෂක අමාත්‍යාංශය වෙත පසුගියදා භාර දුන්නා. එම වාර්තාව මගින් නාවික හමුදාව සඳහන් කර ඇත්තේ අදාළ නෞකාවේ විදේශිකයන් පස්දෙනෙකු ඇතුලූ තිස් තුන්දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිටි බවටයි.  එමෙන්ම, ටී 56 සහ 84 එස් වර්ගයේ ගිනි අවි 816 ක් සහ උණ්ඩ ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් නෞකාවේ තිබෙන බවට එම වාර්තාවේ තොරතුරු ඇතුළත්.

මේ අතර, ඇවන්ගාඩ් සමාගමට අයත් අවි නෞකාව සම්බන්ධයෙන් ගාලූ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ විමර්ශන කටයුතු ඊයේ සිට ආරම්භ කළා. එම විමර්ශන සිදුකිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් ද පත් කරනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories