පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

Wednesday, 14 October 2015 - 13:30

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප රුපියල් 2500 කින් වැඩිකිරීමේ යෝජනාව ඇතුළත් පනත් කෙටුම්පත අද (14) අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවයි. මෙම යෝජනාවට පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් දස දහසක් දක්වා වැඩි කිරීමේ යෝජනාව ද ඇතුළත්. මීට අමතරව, පෞද්ගලික සේවකයින්ගේ වැටුප රුපියල් 2500 කින් වැඩිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති සාකච්ඡාවල ප්‍රගතිය සහ එහිදී ගනු ලැබූ තීරණ පිළිබඳව අද කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories