මරණ දඬුවමට එරෙහිව වෙළේ සුදාගෙන් අභියාචනයක්

Wednesday, 14 October 2015 - 19:42

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තමන්ට මරණ දඬුවම ලබාදීමට එරෙහිව වෙලේ සුදා සිය නීතීඥවරුන්ගේ මාර්ගයෙන් අද (14) අභියාචනයක් ගොනු කළා. අභියාචනාධිකරණයට ඔහු කියා සිටින්නේ මහාධිකරණ නඩුවේදී තමාට එරෙහිව ඉදිරිපත් වූ සාක්ෂි පරස්පර බවයි.

හෙරොයින් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙළේ සුදාට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන්  සූරසේන අද මරණ දඬුවම නියම කළා. ඒ, මාස 3 ක් තිස්සේ අඛණ්ඩව විභාගවූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

 2008 වසරේ දෙසැම්බර් 4 වනදා ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7.05 ක් ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා දෙකට අත්අඩංගුවට ගැණුනු සමන්ත කුමාර හෙවත් වෙළේ සුදාට කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණේ නීතිපතිවරයා විසින්. මොහු අද අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදි විශේෂ ආරක්ෂාවක්ද අධිකරණ පරිශ්‍රයට යොදවා තිබුණා.

 නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් ලෙස කටයුතු කරනු ලැබුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රජයේ රස පරීක්ෂකවරයායි.

 මෙහිදී දඬුවම නියම කිරීමට මත්තෙන් අවසන් වශයෙන් පැවසීමට යමක් ඇත්දැයි විනිසුරුවරයා විත්තිකරුවන සමන්ත කුමාර හෙවත් වෙළේ සුදාගෙන් විමසා සිටි අතර, ඔහු එහිදී සඳහන් කළේ තමාට නගා ඇති චෝදනා කිසිවක් සත්‍ය නොවන බවයි.

කෙසේ නමුත් මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මෙහිදී කියා සිටියේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.

 සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා පාකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර මොහුට මුදල් විශුද්ධිකරණ පනත යටතේ ද තවත් නඩුවක් අධිකරණයේ මේ වනවිට විභාග වෙමින් පවතිනවා.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories