UPDATE: හිටපු ජනපති මහින්ද, සුසිල් සහ කෙහෙළිය බරපතල වංචා සහ දූෂණ සෙවීමේ කොමිසමට පැමිණේ

Thursday, 15 October 2015 - 8:11

UPDATE%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%2C+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A
හිටපු ජනපතිවරයාට අමතරව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලත් බරපතල වංචා සොයන ජනාධිපති කොමිසමට පැමිණේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අමතරව, තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශයක් ලබාදීම සඳහා බරපතල වංචා සහ දූෂණ සොයන ජනාධිපති කොමිසම වෙත අද උදෑසන පැමිණියා. ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිණියෙන් විකාශනය වූ හිටපු ජනාධිපතිවරයාගේ දැන්වීම් සඳහා අයවිය යුතු රුපියල් මිලියන 200 කට අධික මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මෙම කොමිසම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවසට ගොස් මුල්වරට ප්‍රකාශයක් ලබාගත්තේ පසුගිය මස 23 වනදායි. මේ අතර බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම් පරිශ්‍රයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාට සහය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර එම ස්ථානයට පැමිණ ඇති බවයි.

Update: Thursday, 15 October 2015 - 09:45
----------------------------------------------------

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම වෙත මීට සුළු මොහොතකට පෙර පැමිණියා. 
එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලද මේ වනවිට එම කොමිසම හමුවට පැමිණ ඇති බවයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිණියෙන් විකාශනය වූ හිටපු ජනාධිපතිවරයාගේ දැන්වීම් සඳහා අයවිය යුතු රුපියල් මිලියන 200 කට අධික මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙම ඒකකයට කැඳවා තිබෙනවා.

පසුගිය මස 23 වනදා ද හිටපු ජනාධිපතිවරයාගෙන් මුල්වරට මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසනු ලැබුවේ ජනාධිපති කොමිසමේ නිලධාරීන් කිහිප දෙනෙකු මිරිහානේ පිහිටි ඔහුගේ නිවසට යාමෙන් අනතුරුවයි. 

එම කොමිසමේ  ලේකම් ලැසිල් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාට අමතරව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, අමාත්‍ය සුසිල්  ප්‍රේමජයන්ත අද දිනයේදී මෙම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවයි.


Update: Thursday, 15 October 2015 - 08:35
----------------------------------------------------
හිටපු ජනපති මහින්ද අද බරපතල වංචා සෙවීමේ ජනාධිපති කොමිසමට

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවේ අද (15) පෙනී සිටිීමට නියමිතයි. ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිණියෙන් විකාශනය වූ හිටපු ජනාධිපතිවරයාගේ දැන්වීම් සඳහා අයවිය යුතු රුපියල් මිලියන 200 කට අධික මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි. බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ හිටපු ජනධිපතිවරයාට අමතරව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ස්වාධීන රූපවාහිනීයේ හිටපු සභාපති අනුර සිරිවර්ධන ඇතුලූ එහි වර්තමාන කළමනාකරණ නිලධාරීන් කිහිපදෙනෙක්ද අද දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවයි.      

පසුගිය මස 23 වනදා හිටපු ජනාධිපතිවරයාගෙන් මුල්වරට මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසනු ලැබුවේ ජනාධිපති කොමිසමේ නිලධාරීන් කිහිප දෙනෙකු මිරිහානේ පිහිටි ඔහුගේ නිවසට යාමෙන් අනතුරුවයි. හිටපු ජනාධිපතිවරයාට බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට පැමිණෙන ලෙස දැනුම්දී තිබුණේ පසුගිය මස 17 වනදායි. එහෙත් පසුව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් දැනුම්දී තිබුණේ පසුගිය 23 වනදා පස්වරුවේ ඒ සඳහා පැමිණෙන ලෙසයි. අනුවයි ජනාධිපති කොමිසමේ නිලධාරීන් කිහිපදෙනෙකු ඔහුගේ මිරිහානේ පිහිටි නිවසට ගොස් තිබුණේ.

එම අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තම මැතිවරණ දැන්වීම් සඳහා මුදල් ගෙවීම් සිදුකළේ නිදහස් සන්ධානය විසින් බවයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මීට පෙර කිහිප දෙනෙකු බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබුණා. නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී.ජයසුන්දර ද ඒ අතර වනවා.

එමෙන්ම, ස්වාධීන රූපවාහිණි සේවයේ හිටපු සභාපති අනුර සිරිවර්ධන සහ එහි වර්තමාන කළමනාකරණ නිලධාරීන්ගෙන් ද බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගත්තා.

සැප්තැම්බර් මස 30 වනදා මෙම කොමිසම හමුවේ පෙනී සිටි නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය සහ ප්‍රචාරක කටයුතු භාරව කටයුතු කළ පුද්ගලයින් මේ සඳහා වගකිව යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories