ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ බෑනා වු ධනුන තිලකරත්න ඔහුට එරෙහි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ හයිකෝප් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වන නඩුව මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
පැමිණිල්ලේ නඩු විභාගය අවසන් කර ඇති බැවින් සාධාරණ සැකයකින් තොරව තම සේවාදායකයාට එරෙහි චෝදනා ඔප්පු කර නොමැති බැවින් විත්ති වාචිකයක් නොකැදවාම මොහු නිදහස් කරන ලෙස ධනුන තිලකරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුවයි ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය ධනුන තිලකරත්න නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ.
යුද හමුදාවට ආයුධ මිලදී ගැනීමේදී හයිකෝප් සමාගම මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට පවසමින් නීතිපතිවරයා විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබුනා. ඒ මෙම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන වෙලින්ටන් ඬේ හොට්, ධනුන තිලකරත්න සහ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට එරෙහිවයිි.
2010 වසරේ ඔක්තෝම්බර් මස 29 වනදා කොළඹ මහාධිකරණය හයිකෝප් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වූ වෙලින්ටන් ඩේ හොට්ට වසර 24 ක සිර දඩුවම් නියම කළා. ඊට අමතරව මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහාධිකරණය මීට පෙර නිදහස් කරනු ලැබුවා. ඒ, එකම කරුණකට අධිකරණ දෙකක නඩු පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නොමැති බව අධිකරණය පෙන්වා දීමෙන් අනතුරුවයි.

Follow US
Most Viewed Stories