මිලියන 125 ක අල්ලස් ගනිද්දී රේගුවේ 03ක් මාට්ටු

Thursday, 15 October 2015 - 17:36

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+125+%E0%B6%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A+03%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
රුපියල් මිලියන 125 ක අල්ලසක් ගැනීමේදී රේගු නිලධාරීන් 03 දෙනෙකු කොළඹ - පංචිකාවත්ත ප්‍රදේශයේදී අල්ලස් කොමිසම අද (15) අත්අඩංගුවට ගත්තා. එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ලබාගැනීමේ ගණුදෙනුවකට අදාළව මෙම අල්ලස් ගැනීම සිදුවී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් රේගු අධිකාරීවරයෙකු ඇතුළු රේගු නිලධාරීන් 03 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම මෙතෙක් අල්ලස් කොමිසම විසින් සිදුකළ විශාලම වැටලීම බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories