සනත් නිශාන්ත රිමාන්ඩ්

Thursday, 15 October 2015 - 18:17

%E0%B7%83%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා හෙට (16) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හලාවත මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් නියෝග කළා. පසුගිය මස 25 වනදා අධිකරණයේ පැවති නඩු විභාගයකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණා. ඒ අනුව අද පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories