සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග ජයග්‍රහණය කරනවා - ජනපති

Friday, 16 October 2015 - 8:26

%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග ජය ගැනීම සඳහා රජයට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මහනුවර මහ රෝහලේ මහල් 07 කින් යුත් කායික වෛද්‍ය වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (15) සහභාගිවෙමින්.

 රට තුළ මේ වනවිට ඖෂධ හිඟයක් නොමැති බව මෙම අවස්ථාවට එක්වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. පසුගිය කාලයේ පෝලියෝ සහ ඩිප්තීරියා එන්නත් හිගයක් ඇතිවූයේ නිලධාරින්ගේ වරදක් නිසාවෙන් බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.                                           

 මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමටද සහභාගි වුණා. එහිදී මහනුවර නගරයට බලපා ඇති අධික රථවාහන තදබදය, කැළිකසල අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා. එම ගැටලූ විසඳීම සඳහා අවශ්‍ය ඉඩකඩම් සොයා ගැනීම සිදුකරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. මහනුවර නව නගර සැලැස්ම පිළිබඳ යෝජනා ඉදිරි සතිය තුළ තමා වෙත ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා අදාළ නිළධාරින්ට එහිදී දැනුම් දුන්නා.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories