ඔබාමා හමුදාව ගැන කිව්ව කතාව 'ගෙඩිය පිටින්ම' වෙනස් කරයි

Friday, 16 October 2015 - 9:25

%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%27%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%27++%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
2016 වසරෙන් ඔබ්බට ද ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකානු හමුදා රඳවා තැබීමට ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා තීරණය කර තිබෙනවා. සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ඔබාමා සඳහන් කළේ ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකානු හමුදා රැදී සිටීම ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට වැදගත් වන බවයි.

තමා 2017 වසරේ ජනාධිපති ධුරයෙන් නික්මෙන විට ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකානු භට සංඛ්‍යාව දහස දක්වා අඩු කරන බවයි ජනාධිපති ඔබාමා මීට පෙර ප්‍රකාශ කළේ. එහෙත් නව තීරණයට අනුව 2017 වසරේදී ද ඇමෙරිකානු හමුදා සාමාජිකයන් 5500 ක් පමණ ඇෆ්ගනිස්ථානයේ රැදී සිටිනු ඇති.

දැනට එහි සිටින ඇමෙරිකානු භට සංඛ්‍යාව 9800 කට ආසන්නයි.

කෙසේ නමුත්, ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකානු හමුදා ත්‍රස්ත මර්දන මෙහෙයුම් සහ ඇෆ්ගන් හමුදා පුහුණු කිරීමේ කටයුතුවල පමණක් නිරත වනු ඇති බවයි ජනාධිපති ඔබාමා සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories