Update: අවාසනාවන්ත ලෙස මියගිය පාසල් සිසුවියක්

Friday, 16 October 2015 - 12:18

Update%3A+%E0%B6%85%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කටුගස්තොට - නිත්තවෙල ප්‍රදේශයේදී දිය පහරකට හසුව මිය ගිය 17 හැවිරිදි පාසල් සිසුවියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කටුගස්තොට ඉස්ලාම් සුසාන භූමියේදී අද සිදුකෙරුණා. ඊයේ මෙම සිසුවිය පාසල් ගොස් නිවස බලා යාමට බස් නැවතුම්පළට පැමිණි අවස්ථාවේ අනාරක්ෂිත කාණුවකට ඇද වැටී මිය ගොස් තිබුණා. ඊයේ ඇයගේ උපන් දිනය යෙදී තිබීම ද විශේෂත්වයක්.

Update: Friday, 16 October 2015 - 16:44
----------------------------------------------------------------------------------------------

උපකාරක පන්ති නිමවී ආපසු නිවසට පැමිණෙමින් සිටි සිසුවියක් මහනුවර නිත්තවෙල ප්‍රදේශයේදි අවාසනාවන්ත ලෙස කාණුවකට වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මහනුවර බදියුදීන් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි දැරියක්. අදාළ සිසුවිය පාසල නිමවීමෙන් අනතුරුව උපකාරක පන්තියකට ගොස් රාත්‍රී කාලයේ මහනුවර නිත්තවෙල ප්‍රදේශයට පැමිණෙන විට ධාරාණිපතා වැසි වැසී ඇති අතර, එම අවස්ථාවේදී ජලය බැස යන කාණුවකට වැටී මෙලෙස මිය ගොස් තිබෙනවා.



















ඡායාරූප - කමල් සුරවීර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories