හිඟුරක්ගොඩ පොළ බෙදීමේ ගැටළුව

Friday, 16 October 2015 - 13:07

%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80
හිඟුරක්ගොඩ නගරයේ අද (16) විවෘත වන නව පොළ භූමියේ ස්ථාන බෙදා වෙන් කිරීමේ ගැටලූවක් පවතින බවට වෙළඳුන් පිරිසක් ඊයේ (15)  චෝදනා කළා. නගරයට ප්‍රවිශ්ඨ වන ස්ථානය අසළ  නව පොළ සංකීර්ණය ඉදිකර තිබෙන අතර, නව පොළ භූමියේ වෙළඳාම් සිදුකිරීම සඳහා ස්ථාන බෙදා වෙන් කිරීම ගැටලූ සහගත බව පවසමින් වෙළඳුන් පිරිසක් ඊයේ එම ස්ථානයේ විරෝධතාවයක නිරත වුණා.

ඉන් බහුතරයක් හිඟුරක්ගොඩ පැරණි පොළ සංකීර්ණයේ වෙළඳාම් කටයුතු කරන පොළොන්නරුව, මින්නේරිය සහ ජයන්තිපුර  ප්‍රදේශවල පුද්ගලයින්.

විරෝධතාවය සමග ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් පොලිසිය ද එම ස්ථානයට පැමිණියා. පසුව හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ නිලධාරින් පැමිණ පොළ භූමියේ පිහිටි වෙළඳුන් ඉවත් කර එක් එක් වෙළඳසැල් හිමියා බැගින් ඇතුළට ගෙන ඔවුන්ට එම ස්ථාන වෙන් කරදීමට කටයුතු කළා. කෙසේ වෙතත් ඇතැම් වෙළඳුන් පොළ භූමියේ ස්ථාන වෙන් කිරීම සාධාරණ නොවන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

හිඟුරක්ගොඩ නගරයේ නව පොළ සංකීර්ණය විවෘත කිරීම අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.

( හිඟුරක්ගොඩ  නව පොළ භූමියේ ගැටළුව - ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ වීඩියෝව පහතින්... )





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories