හලාවත වෛද්‍යවරියගේ මරණයට හේතුව මෙන්න

Friday, 16 October 2015 - 14:12

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
හලාවත දිස්ත්‍රික් රෝහලේ සේවය කරමින් සිටියදී තරුණ වෛද්‍යවරියක හදිසියේ මියයාමට හේතුව ද දැන් අනාවරණ වී තිබෙනවා. හලාවත දිස්ත්‍රික් රෝහලේ සේවය කළ හප්ලා නෂ්මින් නමැති මෙම 25 හැවිරිදි වෛද්‍යවරිය පෙරේදා දිනයේ හදිසියේ රෝගාතුරව මියගියා.  ඇය රෝගාතුරව ඇත්තේ හලාවත රෝහලේ වෛද්‍යවරුන් සඳහා පවත්වාගෙන ගිය ආපනශාලාවෙන් දිවා ආහාරය ගැනීමෙන් අනතුරුවයි.

එහිදී ආහාරයට ගත් අන්නාසි ආසාත්මික වීමෙන් ඇය මියගොස් ඇති බව මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබෙනවා.

මෙම වෛද්‍යවරියගේ දෙමාපියන් සෞදි අරාබියේ පදිංචිව සිටින අතර, ඇය ගල්කිස්ස ප්‍රදේශයේ සිය ඥාතියෙකුගේ භාරයේ මෙරට රැදී සිටි බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories