මාතලේ මවකට මරණ දඬුවම

Friday, 16 October 2015 - 15:16

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8
මාතලේ - රත්තොට ප්‍රදේශයේදී 30 හැවිරිදි තම බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකුට සහ ඔහුගේ මවට අද මහනුවර මහාධිකරණය මරණ දඬුවම නියම කළා. 2009 වසරේදී මෙම ඝාතනය සිදුව ඇති අතර, මීට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේ මහනුවර මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දරයි. සැකකාර සැමියා, මව විසින් රැගෙන ආ ගිනි අවියකින් වෙඩි තබා පසුව තියුණු ආයුධයකින් ද පහර දී මෙම ඝාතනය සිදුකර ඇති අතර, මෙහි ප්‍රබල සාක්ෂියක් වී ඇත්තේ එවකට සතර හැවිරිදි වියේ පසුවූ මිය ගිය කාන්තාවගේ දරුවෙකු සිද්ධියට අදාළව ලබාදුන් තොරතුරුයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories