මිලියන 125ක් අල්ලස් ගත් රේගු නිලධාරීන් 30 දක්වා රිමාන්ඩ්

Friday, 16 October 2015 - 16:01

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+125%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+30+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රුපියල් මිලියන 125 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අත්අඩංගුවට පත්වු රේගු නිලධාරීන් තුන්දෙනා මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළා. ඒ, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද පස්වරුවේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ අධිකරණය හමුවේ පෞද්ගලිකවම පෙනී සිටීම විශේෂත්වයක්. එහිදී ඇය සඳහන් කළේ අත්අඩංගුවට ගත් තිදෙනා රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක සහ සහකාර රේගු අධිකාරී එම්.ඞී.යූ.ජී.පෙරේරා යන අය බවයි. සිද්ධිය සම්බන්ධයෙන් තවත් ඉහළ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව එහිදී ඇය සඳහන් කළා. අධ්‍යක්ෂ ජනරාල්වරිය, ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටියගෙන් ඉල්ලා සිටියේ සැකකරුවන්ගෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි නිසා ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙසයි. කෙසේ වෙතත්, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්, තම සේවාදායකයින් අල්ලස් ලබාගත්තේ විමර්ශන නිලධාරීන්ගේ බලපෑම් නිසා බව සඳහන් කළා.

ශ්‍රී ලංගම බස් රථ සඳහා අමතර කොටස් ගෙන්වන සමාගමකට රුපියල් කෝටි 150 කට අධික තීරුබදු මුදලක් නොගෙවා රේගුවෙන් භාණ්ඩ නිදහස් කරදීම සඳහා සැකකරුවන් අල්ලස් ඉල්ලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදාළ සමාගම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට 1954 යන ක්ෂණික ඇමතුම් අංකයට පැමිණිලි කර තිබූ අතර, වැටලීම සිදුකිරීමේදී විමර්ශන නිලධාරීන් අල්ලස් මුදල රුපියල් මිලියන 125 දක්වා අඩු කර ගැනීමට උපදෙස් ද ලබාදී තිබුණා. පසුව රේගු නිලධාරීන් තුන්දෙනා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනුණේ පංචිකාවත්ත ප්‍රදේශයේදීයි.

මෙය මෙරට ඉතිහාසයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිදුකළ විශාලම වැටලීම ද වනවා. එසේම අත්අඩංගුවට පත්වු එක් රේගු නිලධාරියෙකු මෑතකදී රේගුව විසින් සිදුකළ වැටලීමක් වෙනුවෙන් රුපියල් කෝටි 03 ක දිරිදීමනා තෑගි මුදලක්ද ලැබූ අයෙකු වීමද විශේෂත්වයක්.

අද දිනයේ නඩු විභාගය අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ කියා සිටියේ අල්ලස් ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට ජනතාව බිය නොවිය යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories