ජිනිවා යෝජනාවෙන් රටට ඇති විය හැකි තත්ත්වය පිළිබදව ජනතාව දැනුවත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය ලබන 19 වන දා විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වීමට නියමිත රැස්වීම පිළිබද ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් කොළඹ, කොටුව දුම්රිය ඉදිරිපිටදී ඊයේ පැවැත්වුණා. ඇමරිකාවට යටත්ව ශ්‍රී ලංකාව අත්සන් කළ යෝජනාව ප්‍රතික්ෂේප කරමු, යනුවෙනුයි මෙම රැස්වීම 19 වන දා පැවැත්වෙන්නේ. අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ ජිනිවා යෝජනාවෙන් මෙරටට බලපෑම් ඇති කිරීම සඳහා විදේශ බලවේගවලට බලපත්‍රයක් ලබාදී ඇති බවයි.
මෙම අවස්ථාවට ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ ද එක්ව සිටියා.
මෙම අවස්ථාවට ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ ද එක්ව සිටියා.
Follow US
Most Viewed Stories