රජයේ උසස්වීම් සහ මාරුවීම් වලදී වෘත්තීය සමිතිවල අදහස් විමසන්න - අගමැතිගෙන් උපදෙස්

Saturday, 17 October 2015 - 8:31

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
වෘත්තීය සමිතිවල අදහස් නොසලකා, රාජ්‍ය ආයතනවල මාරු කිරීම් සහ උසස්වීම් සඳහා කරන ඉල්ලීම් ඉවත දැමීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා. වෘත්තීය සමිතිවල අදහස් ලබානොගෙන සිදුකෙරෙන එවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන ලෙස අග්‍රාමාත්‍යවරයා රජයේ අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළේ.

ස්ථාන මාරුවීම් සහ උසස්වීම් සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග සාකච්ඡා කර කටයුතු කිරීමට රජය පහසුකම් සලසා තිබෙනවා. එහෙත් ඇතැම් පාර්ශවයන් ඊට අනුකූලතාවක් නොදක්වන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර, සතියේ දිනවල දී කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට හෝ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ සාමාන්‍ය ජනතාව හමුවී ඔවුන්ගේ ගැටළුවලට අවධානය යොමු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories