කොළඹ - ග්‍රෑන්ඩ්පාස් සහ මහර අනතුරු දෙකකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Saturday, 17 October 2015 - 9:35

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%84%E0%B6%BB+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
කොළඹ - ග්‍රෑන්ඩ්පාස් - සේදවත්ත ප්‍රදේශයේදී මාර්ගයේ ධාවනය වූ කන්ටේනර් රථයක ගැටුණු පදිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ රාත්‍රී 9ට පමණ සිදුවූ මෙම අනතුරේදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත්තේ සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ මහර ප්‍රදේශයේදී කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක ගැටී මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඊයේ පස්වරුවේ සිදුවූ එම අනතුරෙන් මිය ගොස් ඇත්තේ යක්කල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්. මෙම අනතුරු දෙකේදී කන්ටේනර් රථයේ සහ වෑන් රථයේ රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories