අධ්‍යාපන වැය හතර ගුණයකින් වැඩි කරයි

Saturday, 17 October 2015 - 19:46

%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අධ්‍යාපනය සඳහා මෙතෙක් වැය කළ මුදල ලබන වසරේ අයවැයෙන් හතර ගුණයකින් වැඩි කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අරමුණෙන්, පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවයට අරලගංවිල විද්‍යාලයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේ රටටම අවශ්‍ය සංවර්ධනය එක ලෙස ලබාදෙමින් ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමේ වැඩපිළිවෙල රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවයි.

'සියවසක දුර දකින පස් වසක දිගහැරුම' සංවර්ධන සැලැස්ම එළිදැක්වීමද මෙහිදී සිදුකෙරුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories