තද වැසි - නාය යාමේ අවදානම් - තද සුළං සහ අකුණුසැර

Saturday, 17 October 2015 - 20:26

%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%90%E0%B6%BB
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (17) රාත්‍රියේදීත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පතිත විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණුසැර පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

වැසි අඛන්ඩව පැවතියහොත් දැනට දිස්ත්‍රික්ක 7කට නිකුත් කළ නාය යාමේ අවදානම තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවිය හැකි බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිටත් අදාළ දිස්ත්‍රික්කවලට තද වැසි ඇදහැලෙමින් පවතින බවයි. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රියේ බදුල්ල, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, කළුතර, රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අවදානම ප්‍රකාශයට පත් කළා.

මේ අතර, නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් දෙනියාය, මොරවක, පිටබැද්දර ආදී ප්‍රදේශ කිහිපයක පහත් බිම් ජලයෙන් යටවී තිබෙනවා. අප වාර්තාකරු සදහන් කළේ එම ප්‍රදේශවල මාර්ග කිහිපයක ද ඊයේ රාත්‍රියේ සිට ගමනාගමනට බාධා එල්ල වී ඇති බවයි.
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories