හොරාට ආ ඇවන්ට්ගාඩ් අවි නැව ගැන CID විමර්ශන හෙටත්

Saturday, 17 October 2015 - 21:40

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7+%E0%B6%86+%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1++CID+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
තොරතුරු සඟවා අවි රැගෙන ගාලූ වරායට පැමිණි  ඇවන්ට්ගාඩ් නෞකාව පිළිබඳ රහස් පොලිස් අද (17) පරීක්ෂණ ආරම්භ කළා. ගාල්ල වරාය පොලීසිය මගින් නැව පිළිබඳ පරීක්ෂණ කටයුතු ඊයේ රහස් පොලීසියට භාරදීමෙන් අනතුරුවයි රහස් පොලිස් කණ්ඩායමක් අද ගාල්ල වරායට පැමිණියේ.

ඇවන්ට්ගාඩ් නෞකාව පරීක්ෂා කිරීම සඳහා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ පොලීසියට අවසර ලබාදුන්නා. ඒ අනුවයි අදාළ පරීක්ෂණ  ආරම්භ වී ඇත්තේ.

නෞකාව සම්බන්ධයෙන් නාවික හමුදාව ලබාදුන් වාර්තාව ද ආරක්ෂක අමාත්‍යාංශය පත් කළ කමිටුව මගින් ඇගයීමට ලක් කෙරෙනවා. එහිදී ආරක්ෂක අමාත්‍යාංශයේ ක්‍රමවේදයන්ට පටහැනිව කටයුතු කර ඇති බව තහවුරු වුවහොත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ.

මේ අතර, ඇවන්ට්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් ආයතනය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. එමගින් ප්‍රකාශ කළේ ඇවන්ට්ගාඩ් සමාගම ජාත්‍යන්තර නීතියට, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සහ රටේ පවත්නා නීතියට සම්පූර්ණයෙන් අනුකූලව කටයුතු කර ඇති බවයි.

නෞකාවේ පැවැති ආයුධ රක්නාලංකා ආරක්ෂක ආයතනය වෙත භාරදීමට ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ලබාගෙන ඇති බව ද එමගින් වැඩිදුරටත් සදහන් කළා.

නෞකාවේ කපිතාන්වරයා පිළිබඳ තොරතුරු වරදවා ලබාදී ඇත්තේ නෞකා නියෝජිත ආයතනය මගින් මිස තම ආයතනය විසින් නොවන බවයි ඇවන්ට්ගාඞ් සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේ නමුත්, ඇවන්ට්ගාඩ්  සමාගමේ නෞකාව පිළිබද  පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් ඒ පිළිබද ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories