UPDATE: එල්.ටී.ටී.ඊ. කාන්තා බලකායේ හිටපු නායිකා තමිලිනී මියයයි

Sunday, 18 October 2015 - 9:57

UPDATE%3A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A.+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කාන්තා බලකායේ හිටපු නායිකාව වන සුබ්‍රමනියම් සිවහාමි හෙවත් තමිලිනී අද උදෑසන ජීවිතක්ෂයට පත්වුණා. මහරගම පිළිකා රෝහලේදී මියයන විට ඇගේ වයස අවුරුදු 43 ක්. අග්න්‍යාසයේ පිළිකාවකින් පෙළුනු ඇය  මහරගම පිළිකා රෝහලට ඇතුළත් කර ඇත්තේ පසුගිය මැයි මස 15 වනදායි. ඉන් අනතුරුව ඇයට විකිරණ ප්‍රතිකාර ලබාදී ඇති අතර, අද (18) උදෑසන රෝග තත්ත්වය උත්සන්න වීමෙන් මියගිය බවයි මහරගම පිළිකා රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

1972 වසරේ පරන්තන් හිදී උපත ලැබූ තමිලිනී එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳී ඇත්තේ 1986 වසරේදියි. ඒ වනවිට ඇය 14 වන වියේ පසුවුණා.

තමිලිනී, ආරක්ෂක අංශ විසින් වවුනියාව සරණාගත කඳවුරක රැඳී සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ 2009 වසරේ මැයි මස 20 වනදායි. යුද්ධයෙන් පසු අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨම එල්.ටී.ටී.ඊ. නායිකාව වන තමිලිනී, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කර්නල් තනතුරක්ද ලබා දී තිබුණා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ තමිලිනී වසරක කාලයක් පුනරුත්ථාපනය සඳහා යොදවන ලෙසයි.

පසුව යුද හමුදාව යටතේ පූන්තෝට්ටම් කඳවුරේ පුනරුත්ථාපනය ලැබූ තමිලිනී 2013 වසරේ මැයි මස 26 වනදා දෙමව්පියන් වෙත භාරදෙනු ලැබුවා.

තමිලිනී පසුව විවාහ වී ඇති අතර, රෝහල් ගතකළ පසු ඇගේ මව තමිලිනීගේ සත්කාර කටයුතුවල නිරතව සිටියා.


තමිලිනීට  සොහොයුරියන් දෙදෙනෙකු සිට ඇති අතර, එක් සොහොයුරියක් එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශයේ කටයුතු කරමින් සිටියදී මියගොස් තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories