මොරවැව රිය අනතුරකින් නාවික සෙබළුන් 13කට තුවාල

Sunday, 18 October 2015 - 14:17

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+13%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ත්‍රිකුණාමලය - මොරවැව - පන්කුලම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් නාවික හමුදා සෙබළුන් 13 දෙනෙකු තුවාල ලැබුවා. අද (18) පෙරවරු 7.45 ට පමණ නාවික හමුදා බස් රථය ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට මහව නාවික හමුදා කඳවුර දක්වා ගමන් කරමින් සිටියදී පිටුපසින් පැමිණි ටිපර් රථයක් බස් රථයේ ගැටී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ නාවික හමුදා සෙබළු  ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අනතුරෙන් ටිපර් රථයේ රියදුරුද සුළු තුවාල ලබා ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories