පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට නාය යාමේ අවදානමක් නිකුත් කර තිබෙනවා. බදුල්ල, මහනුවර, නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, මාතලේ, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට මෙම අවදානම නිකුත් කර ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ. එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ මෙම දිස්ත්‍රික්කවල කඳුකර ප්‍රදේශවල නායයෑමේ අවදානමක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි.
මේ අතර, වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා සහ ගිං ගඟ පිටාර ගලා තිබෙනවා. මේ හේතුවෙන් තවලම, අකුරැස්ස, පානදුගම ආදී ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාපතනයත් සමඟ කාසල්රී සහ මාවුස්සාකැළේ යන ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පවතින වර්ෂාපතනයත් සමඟ මොණරාගල - බුත්තල නගරයද ඊයේ ජලයෙන් යටවුණා. අප වාර්තාකරු සඳහන් කළේ නගරයේ ඇතැම් ප්‍රදේශ අඩි 3ක් පමණ ජලයෙන් යට වූ බවයි. පුත්තලම - මන්නාරම මාර්ගයේ ද එළුවන්කුලම ප්‍රදේශයද ජලයෙන් යට වුණා. එම නිසා කල්පිටිය - පුත්තලම ඇතුළු ප්‍රදේශ කිහිපයක ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මහනුවර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලගෙදර - කන්දෙකුඹුර ප්‍රදේශයෙන් මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් මතුව තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි සතිය තුළදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි. දිවයිනට බලපා තිබෙන අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මෙම වැසි සහිත කාලගුණ තත්ත්වය එළඹෙන නොවැම්බර් මාසය තුළදීත් පැවතිය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.

Follow US
Most Viewed Stories