කොණ්ඩයා නිදහස් - නමුත් එළියට එන්න බෑ

Monday, 19 October 2015 - 10:31

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+-+%E0%B6%B1%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%91
සේයා සදෙව්මි ඝාතන නඩුවෙන් දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නිදහස් කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ අද නියෝග කළා. ඒ, රහස් පොලීසිය අධිකරණයට කළ දැනුම්දීමක් සළකා බැලීමෙන් අනතුරුවයි. මීට අදාළ නඩුව අද මහේස්ත්‍රාත් ඞී.ඒ. රුවන් පතිරණ හමුවේ කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගතව සිටින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නැමැත්තා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන සමන් ජයලත් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

කොණ්ඩයා නැමැත්තා මෙම නඩුවෙන් නිදහස් කෙරුණද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඔහුට අධිකරණ කිහිපයක් මගින් වරෙන්තු නිකුත් කර තිබීම හේතුවෙන්. ඒ අනුව ඔහුව හෙට දිනයේ අත්තනගල්ල අධිකරණය වෙත සහ අනිද්දා දිනයේදී ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඞී.ඒ. රුවන් පතිරණ බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දුන්නේ. එසේම සේයා සදෙව්මි දැරියගේ ඝාතනයේ වගකීම භාරගත් කොණ්ඩයා නැමැත්තාගේ වැඩිමහල් සහෝදරයා වන සමන් ජයලත් නැමැත්තා ලබන මස දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

සේයා සදෙව්මි දැරියගේ ශරීරයෙන් ලබාගත් ආගන්තුක ජෛව සාම්පල කොණ්ඩයා නැමැත්තාගේ ජෛව සාම්පල සමඟ නොගැලපෙන බව මීට පෙර අධිකරණයේදී තහවුරු වුණා.

කෙසේ වෙතත් ඝාතනයට ලක්වූ සේයා සදෙව්මි දැරියගේ ශරීරයේ තිබී සොයාගන්නා ලද ආගන්තුක ජෛව සාම්පල දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කොණ්ඩයා නැමැත්තාගේ සහෝදරයා වන සමන් ජයලත්ගේ ජෛව සාම්පල සමඟ ගැළපෙන බව පසුගිය 14 වනදා අධිකරණයේදී තහවුරු වුණා. රහස් පොලීසිය සමන් ජයලත්ගේ ඞී.එන්.ඒ. වාර්තා එදින අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ සේයා සදෙව්මි දැරියගේ ශරීරයේ තිබී සොයාගන්නා ලද ආගන්තු ජෛව සාම්පල සමන් ජයලත්ගේ ජෛව සාම්පල සමඟ ගැළපෙන බවට පරීක්ෂණ සිදුකළ ජීන් ටෙක් ආයතනය දැනුම්දී ඇති බවයි.

මීට පෙර සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ එක්දරු පියෙකුද පොලීසිය අත්අඩංගුවට ගත් අතර, පසුව ඔවුන් මුදා හැරීමට අධිකරණය තීරණය කළේ ඔවුන්ගේ ඞී.එන්.ඒ. වාර්තා දැරියයගේ ශරීරයෙන් ලබාගත් ආගන්තුක ජෛව සාම්පල සමඟ නොගැලපීම හේතුවෙන්.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories