ගාල්ල සහ මාතර ජලයෙන් යටවූ පහත් බිම්වල ජලය බැස යයි

Monday, 19 October 2015 - 11:10

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%90%E0%B7%83+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ජලයෙන් යටවූ පහත්බිම්වල ජලය බැස යමින් පවතින බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා. ඊයේ රාත්‍රියේ නිල්වලා සහ ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් තවලම, අකුරැස්ස, පානදුගම සහ උඩුගම යන ප්‍රදේශ ජලයෙන් යටවුණා. අප වාර්තාකරුවන් සඳහන් කළේ ඇතැම් ස්ථාන අඩි 3 ක් 4 ක් පමණ ජලයෙන් යටවූ බවයි. මේ හේතුවෙන් එම ප්‍රදේශවල මාර්ග කිහිපයක ගමනාගමනයටද බාධා එල්ලවුණා. ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ පීඩාවට පත්වූවන් සඳහා සහන සැළසීමටද කටයුතු කර ඇති බවයි. මේ අතර මහනුවර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලගෙදර - කන්දෙකුඹුර ප්‍රදේශයෙන් අද උදෑසන මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් ද මතුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 10 කට නායයෑමේ අවදානමක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories