හලාවත - බිංගිරිය - විලත්තව මංසන්ධියේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් තුන්දෙනෙකු ඊයේ රාත්රියේ මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් රෝහල් ගතකර ඇත්තේ බිංගිරිය ප්රදේශයේම පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්. මෙම පුද්ගලයාට එරෙහිව ඝාතනයක් සම්බන්ධයෙන් හලාවත අධිකරණයේ නඩුවක්ද විභාගවනවා.
Follow US
Most Viewed Stories