වී ගබඩා කරන්න මත්තල යොදාගත්තාට අලාභ ගෙවන්නේ නැහැ

Monday, 19 October 2015 - 13:03

%E0%B7%80%E0%B7%93+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
වී ගබඩා කිරීම සඳහා මත්තල ගුවන් තොටුපල භාවිතා කිරීම නිසා වී අලෙවි මණ්ඩලය අලාභයක් ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා. මත්තල ගුවන් තොටුපලේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ දිනයේදී එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ වී ගබඩා කිරීම නිසා ගුවන් තොටුපලට සිදුවූ අලාභය ගණනය කර වී අලෙවි මණ්ඩලයෙන් අයකරගන්නා බවයි.  

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී වී අලෙවි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා කියා සිටියේ මත්තල ගුවන් තොටුපලෙහි වී ගබඩා කරනු ලැබුවේ රජය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories