හමුදාපති සහ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා එක්නැලිගොඩ නඩුවේ වගඋත්තරකරුවන් කිරීමට අවසර

Monday, 19 October 2015 - 13:42

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
හමුදාපතිවරයා සහ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා, මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ ගොනු කළ හබයාස් කෝපස් පෙත්සමේ වගඋත්තරකරුවන් කිරීමට අභියාචනාධිකරනය අද අවසර ලබාදුන්නා. ප්‍රගීත් එක්නැලිගොඩ අත්අඩංගුවේ පසුවේනම් ඔහු නිසි අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස ඉල්ලායි ඔහුගේ බිරිඳ මෙම හබයාස් කෝපස් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවේ. අද මෙම පෙත්සම සළකා බැලූනු අවස්ථාවේදී එක්නැලිගොඩගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ හමුදාපතිවරයා සහ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරන ලෙසයි. ඊට අවසර ලබාදුන් අභියාචනාධිකරණය මොවුන්ට මේ මස 30 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසද දැනුම් දුන්නා.

මේ අතර ද්විත්ව පුරවැසිභාවය ලබා සිටින ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ එම ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනු කෙරුණු පෙත්සම දෙසැම්බර් මස 7 වනදා දක්වා කල් තැබුණා. මෙම  පෙත්සම ගොනු කර තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡුන්ද දායකයින් පස්දෙනෙකු විසින්. මොවුන් සිය පෙත්සමෙන් ඉල්ලා සිටියේ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ද්විත්ව පුරවැසියෙකු වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ඇතුලූ 4 දෙනෙකු නම් කර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories