ගුවන් හමුදාව ඉටු කළ සේවය විශිෂ්ඨයි. - ජනපති

Monday, 19 October 2015 - 13:46

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ගෙවී ගිය දශක කිහිපය තුළ ගුවන් හමුදාව ජාතික ආරක්ෂාව උදෙසා ඉටුකළ සේවය පැසසුම් සහගත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා කියා සිටියේ ගුවන් හමුදාවේ සේවාවන් වල තිබෙන්නා වූ ප්‍රමිතීන් සහ ගුණාත්මකභාවය පිළිබඳව තමා තෘප්තිමත් වන බවයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා කදවුරේ පැවති ගුවන් හමුදා කෙඩෙට් නිලධාරීන් අධිකාරිත්වයට පත් කිරීම හා ආධුනික ගුවන් භටයන් මෙන්ම ගුවන් කාන්තාවන් විසිර යාමේ පෙළපාලියට අද පෙරවරුවේ එක්වෙමින්.

මෙහිදී කෙඩෙට් නිලධාරීන් 46 දෙනෙකු අධිකාරීත්වයට පත්කිරීම සහ තවත් කෙඩෙට් නිලධාරීන් 08 දෙනෙකුට පියාසර නිල ලාංඡන පැලදවීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. එමෙන්ම පිරිමි සහ කාන්තා ආධුනික ගුවන් භටයින් 594 දෙනෙකු විසිර යාමද අද සිදු වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories