මර්වින් සිල්වාට දුරකථනයෙන් තර්ජනය කළ පුද්ගලයා පොලීසියට

Monday, 19 October 2015 - 13:57

%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කළ දුරකථන අංකය සහිත සිම් කාඞ්පතේ හිමිකරු අද පෙරවරුවේ නාරාහේන්පිට පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදී පිටව ගොස් තිබෙනවා. පූඩළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු සඳහන් කර ඇත්තේ තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කරමින් හික්කඩුව ප්‍රදේශයේ මිතුරෙකුට සිම්පතක් ලබා ගැනීමට උපකාර කළ බවයි. ඒ අනුව ඉදිරියේදී එම පුද්ගලයාද නාරාහේ්න්පිට පොලීසියට කැඳවා ප්‍රකාශයක් ලබාගන්නා බවයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.

පසුගිය 16 වනදා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා නාරාහේන්පිට පොලීසියට පැමිණිල්ලක් කර තිබුණේ තමන්ට දුරකථනයෙන් කිසියම් පුද්ගලයෙකු මරණ තර්ජන එල්ල කර ඇති බවටයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories